ඉදිරි අය වීම් නැවත්වීමට නම් ඔබගේ Braincipher ගිණුම අක්‍රීය කළ යුතු වේ. ඒ සඳහා ඔබ අපිට [email protected] ඊමේල් ලිපිනයට ඔබගේ ඊලඟ ස්වයංක්‍රීය අයවීමට අවම වශයෙන් දින 7 කටවත් පෙර ගිණුම අක්‍රීය කරන්න යැයි දැනුම් දිය යුතු වේ.
වෙනත් කිසිදු ඊමේල් ලිපිනයකට ගිණුම අක්‍රීය කරන්න යැයි එවන පණිවිඩය එවන්න එපා. [email protected] ලිපිනයට පමණක් එවන්න.
වෙනත් ඊමේල් ලිපින වලට මෙම ඉල්ලීම එවුවොත් එවා ක්‍රියාත්මක කර පිලිතුරු ලබාදීම ප්‍රමාද විය හැක.
එසේ වී ඔබගේ ඊලඟ ස්වයංක්‍රීය අය වීම සිදු වුවහොත් එහි වගකීම නිවැරදි ඊමේල් ලිපිනයට
එම පණිවිඩය නො එවීම නිසා ඔබ සතුයි.
ඊලඟ අය වීම සිදුවූ සැනින් හෝ ඊලඟ අයවීම සිදු වීමට දින 7කට අඩු කාලයක් තුල අපිට ගිණුම අක්‍රීය කරන්න යැයි දන්වා එවා ඔබගේ ඊලඟ අයවීම ගිණුම
අක්‍රීය කිරීමට පෙර සිදු වුවහොත් ඔබගේ ගිණුම අක්‍රීය වීමට සකස් කරන්නේ
ඊලඟ මාසයේ ස්වයංක්‍රීය අය වීමට පෙර දිනයටයි. ඔබ නිවැරදි උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් අයවන ගාස්තු නැවත ලබාදීමට Braincipher ආයතනය බැඳී නැති බව කරුණාවෙන් සළකන්න. අපිට ඔබ වෙනුවෙන් ඒ සඳහා කළ හැකි එකම දෙය නම්, ගෙවා ඇති කාලසීමාවට පාඩම් ලැබීමට සලස්වා ඊලඟ ගෙවීම සිදුවීමට පෙර
ගිණුම අක්‍රීය වන ලෙස සකස් කිරීම පමණයි.
ගිණුම අක්‍රීය කිරීමෙන් පසු අපි ඔබට දන්වා එවනවා.
ගිණුම අක්‍රීය තත්ත්වයේ තිබියදී පසුගිය පාඩම් බැලීමට නොහැකියි.
ඔබට පසුව නැවත පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍ය නම් කලින් ලියාපදිංචි වූ ඊමේල් ලිපිනයෙන්ම
නැවත ලියාපදිංචි වී අපට [email protected] වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න. එවිට කලින් නැවැත්තූ පාඩමේ සිට පාඩම් කරගෙන යාමට අපි ගිණුම සකස් කර දෙන්නම් (සාමාන්‍යයෙන් නැවත ලියාපදිංචි වූ පසු පෙනෙන්නේ පළමු පාඩම පමණයි ).
නැවත ලියාපදිංචියේදී යම් ගැටළුවක් පැන නගීනම් අපිට [email protected] වෙත ඊමේල් එකක් එවා දැනුම් දෙන්න.
Cancellation policy: https://www.braincipher.com/cancellation-policy