පාඨමාලාව කෙරෙන ආකාරය හා වැඩි විස්තර

පාඨමාලාව කෙරෙන ආකාරය

  • පාඨමාලාවේ අන්තර්ගතය මනස දියුණු කිරීම, තමාගේ ජීවිතය පිළිබඳව සැලැස්මක් නිර්මාණය කර ගැනීම, තමාගේ සහජ හැකියාවන් හඳුනා ගැනීම, අධිවේගීව යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය මෙවලම්, පෞරුෂ සංවර්ධනය, පරිචිත ගොඩ නැගීම (පුරුදු ඇති කර ගැනීම) වැනි අංශ ගණනාවක් කරා විහිදේ.
  • සතිපතා රන්දික මහතා විසින් විසින් ඔබට කලින් පටිගත කල වීඩියෝවක් මගින් පාඩමක් උගන්වයි.  ඔබට පහසු වේලාවකට පාඩම් නැරඹිය හැක.
  • පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් කරනු ලබයි.
  • ඕනෑම රටක සිටින කෙනෙකුට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
  • දිනකට පැය බාගයක් පමණ මෙම අභ්‍යාස වලට කාලය වෙන් කල යුතුයි
  • පාසැල් යන ලමුන්ටත්, රැකියා කරන්නන්ටත් සියළු දෙනාට සුදුසුයි.
  • ඔබ පටන් ගන්නා සතිය පළමු සතිය වේ. එතැන් සිට සති පතා ඔබ වෙත වීඩියෝ මගින් පාඩම් නිකුත් වේ.
  • සමහර පාඩම් වලට අදාලව ඔබටම ආවේනික මෙවලම්  Brainlab ඇප් එක කරහා රන්දික මහතා ඔබට ලබා දෙනු ඇත. 
  • ඔබට පාඩම් පිළිබඳව ඕනෑම ගැටළුවක් රන්දික මහතාගෙන් විමසිය හැක. ඔහු විසින් පෞද්ගලිකව ඒවාට පිළිතුරු ලබා දෙනු ඇත.
  • ඔබට අවශ්‍ය ඕනෑම දිනක පාඨමාලාව ඇරැඹිය හැක. නමුත් පාඩම් වල අනුපිළිවෙල තීරණය කරන්නේ රන්දික මහතා විසිනි.
  • පාඨමාලා කාල සීමාව (මාස 12) අවසන් වීමෙන් පසුව පාඩම් නැරඹීම අක්‍රිය වේ. එම නිසා හැකි අවස්ථාවල ඉදිරි ප්‍රයෝජනය සඳහා සටහන් දමා ගැනීම උචිතයි.

 

 

ගාස්තු අය කෙරෙන ආකාරය

  • අතික්‍රමණ පාඨලාමාවට ලියාපදිංචි වූ පසු, ලියාපදිංචි වන මාසයේ සිට සෑම මසකම ඕස්ට්‍රේලියානු ඩොලර් 15 ගණනේ මාස 12ක් අය කරනු ලැබේ. මෙම අය කිරීම සෑම මසකට ඉබේම (ස්වයංක්‍රීයව) සිදුවනු ලැබේ.  එක්වර විශාල මුදලක් කපා ගැනීම කිසි විටක නොකෙරේ. මසකට AUD 15 ක් පමණි.
  • ඔබගේ කාඩ් පතේ Master හෝ VISA යැයි සඳහන් කොට ඇතිනම් ඔබට එම කාඩ් පත භාවිතා කරමින් ලියාපදිංචි විය හැක.
  • ඔබට ඇත්තේ රජයේ බැංකුවකින් නිකුත් කරන ලද කාඩ් පතක්නම් ඔබ බැංකුවට ගොස් එම කාඩ් පත විදේශ ගෙවීම් සඳහා සක්‍රීය කර ගත යුතුයි. එය ඔබට බැංකුවෙන් ඉතා පහසුවෙන් කර ගත හැකියි. 
  • පෞද්ගලික බැංකුවකින් නිකුත් කරන කාඩ් පතක් නම් කෙලින්ම වැඩ කරනු ඇත. 
  • එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලියාපදිංචිය අත්හිටුවිය හැක.  සඳහා ඔබ අපට  මේල් එකක් එවා දැනුම් දිය යුතුයි. එවිට ඉදිරි මාස වල අය කිරීම් නවතිනු ඇත. 
  • ඔබට නැවත ලියාපදිංචි වන්නට සිතුනොත් ඔබ නැවැත්වූ තැනින්ම නැවත පාඨමාලාව ඇරැඹිය හැක. එසේ කිරීමට නම් ඔබ කලින් ලියාපදිංචි වී සිටි රීමේල් ලිපිනයෙන්ම නැවත ලියාපදිංචි වී, මාවෙත ඊ මේල් මගින් දන්වන්න. කෙසේ නමුදු මෙසේ ලියාපදිංචිය අත්හිටවූ විට ඔබට පරණ පාඩම් නැරඹීමට නොහැකි වනු ඇත. පාඩම් නැරඹීමට සක්‍රීය ලියාපදිංචියක් තිබිය යුතුය. මෙසේ වන්නේ අපගේ ආයතනයට විවිධ සේවාවන්ට මුදල් ගෙවීමට සිදු වන නිසාය.
  •  එමෙන්ම බගේ කාඩ්පත් පිළිබඳව විස්තර www.braincipher.com වෙබ් අඩවියේ කිසිදිනෙක save වන්නේ නැත. එය Stripe ආයතනය විසින් save කර ගනී. Stripe යනු ජාත්‍යන්තරව විස්වාශය දිනාගත් සුරක්ෂිත ආයතනයකි. ගූගල්, ඇමසන් හා සූ(z)ම් (zoom) වැනි දැවැන්ත ආයතන පවා තම සේවාදායකයින්ගෙන් මුදල් අය කිරීමට භාවිතා කරන්නේ Stripe ආයතනයයි.  

 

 

අතික්‍රමණ පාඨමාලාවට ලියාපදිංචිය මෙතැනින්