අතික්‍රමණ පාඨමාලාවට නව බැංකු වාරණ බල පාන්නේ නොමැත


ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය වන ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ඊයේ දින (19/08/2021) නිවේදනයක් නිකුත් කොට පවසා ඇත්තේ විදේශීය ආයතන හරහා කෙරෙන අධ්‍යාපනික වැඩසටහන් සඳහා ශ්‍රීලාංකීය බැංකු විසින් නිකුත් කරන ලද කාඩ්පත් භාවිතා කිරීමේ කිසිම ගැටළුවක් නොමැති බවයි.

ඇයගේ නිවේදනයට අනුව වාරණය පණවා ඇත්තේ පෞද්ගලික කාඩ් පතකින් ව්‍යාපාර කටයතු සඳහා භාණ්ඩා හෝ සේවා ලබා ගැනීමට එරෙහිව පමණයි.

උදා:-  ඔබගේ පෞද්ගලික බැංකු කාඩ්පත භාවිතා කරමින් ව්‍යාපාරයක් සඳහා විදේශීය සමාගමකින් ජංගම දුරකථන 20ක් ගෙන්වීමේදී ඔබගේ කාඩ් පත අවහිර කිරීමට නියෝග නිකුත් කොට ඇත.

 
ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ගණනක් මේ පිළිබඳව අපගෙන් අසා තිබූ නිසා Braincipher ආයතනයද ශ්‍රී ලංකා මහ බැංකුව කෙලින්ම සබඳ කොටගෙන මේ පිළිබඳව සොයා බැලූ අතර මහ බැංකුවේ වගකිවයුතු ඉහල නිලධාරීන් විසින් අපට දැන්වූයේ:

පෞද්ගලික අධ්‍යාපන කටයතු සඳහා විදේශීය  සමාගමකට කරන subscription ගෙවීම් වාරණය කිරීමට, අවහිර කිරීමට හෝ එසේ කරන කාඩ්පත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිම බැංකුවකට අණ කිරීමක්, දැනුම් දීමක් හෝ ඉල්ලීමක් කර නැති බවත්, ඔබගේ බැංකුව එසේ කරනවා නම් එය නීති විරෝධී ලෙස ඔබගේ අයිතීන් උල්ලංඝණය කිරීමක් බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ එම නිලධාරීන් කියා සිටියේ,

ව්‍යාපාර නොවන පෞද්ගලික අධ්‍යාපන කටයුත්තක් සඳහා ඔබ බැඳී ඇති online subscription එකකින් ඔබගේ කාඩ් පත ඉවත් කර ගන්න යැයි ඔබගේ බැංකුව දැන්වූවොත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය වන ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය 19/08/2021 දින කල නිවේදනය ගැන ඔබගේ බැංකුව දැනුවත්දැයි අසන ලෙසත්, රටේ නීති පිලිබඳව දැනුවත්ව ඒවා උල්ලංඝණය නොකරන ලෙසත් ඔබගේ බැංකුවට දැනුම් දෙන මෙන්ය.

එම නිසා අතික්‍රමණ පාඨමාලාවට ඔබගේ පෞද්ගලික කාඩ් පත හරහා මුදල් ගෙවීමට කිසිදු බාධාවක් පැනවීමට කිසිදු ශ්‍රී ලාංකීය බැංකුවකට නීතිමය අයිතියක් නොමැත.
 
මේ පිළිබඳව ඔබට වැඩි දුරටත් ගැටළුවක් ඇත්නම්

ඊමේල් එක හරහා අපව සබඳ කර ගන්න.


ශ්‍රීලංකා මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී වූ ප්‍රධන ප්‍රවාහයේ ලාංකීය මාධ්‍ය ආයතන කිහිපයක් විසින් එය වාර්ථා කොට තිබූ ආකාරය පහත සබැඳි වලින් ඔබට නැරඹිය හැක

ලංකාදීප - ලංකාදීප වාර්ථාව මෙතැනින්


දෙරණ -  දෙරණ වාර්ථාව මෙතැනින්

 

 

Regards,

Braincipher Support Team

මුල් පිටුවට